Pages

Powered by Blogger.
Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

සිහින අවකාශයේ පිරමීඩ..

රත් පැහැයෙන් සැඟව යන
සැඳෑ හිරුගේ
නිහඬ රුව බලා                                                                                      
හදවතින් සිනාසුන..
හුදෙකලා පෙම්වතුන්
පිරමීඩ පාමුල
ඇදවැටී  මිය ගිය ලොවක..
චන්ඩ රැස්‌ පිබිදුවා හිරු
උණු වුනා පාශාණ
ගලා විත් මඳින් මඳ
කැටිවුනා බිඳින් බිඳ..
තිබූ සමතල මුදුන් ඉම
උලක්‌ සේ නිමවුනා
ඔබට මට කිසිදිනෙක
පිරමීඩ අන්තයට
ලඟා විය නොහැකි ලෙස......

ප්ලේන්ටිය..! තේකකට එහා යමක්...

ඔයාගේ අතින්
මට හදන
ප්ලේන්ටියේ
කූඹියෙක් දෙන්නෙක්
හිටියට
පුදුමයක් නෙවෙයි මට
දන්නවා කලින්ම
කූඹි කොහොමත්
ඔයාගේ වටේ
බව......

මගෙමත් නොවූ මගෙ හිතට ඇරයුමක්..

සෞම්‍ය තණපත් අඟින්
රූරා ගිලිහී දිලෙන
පිණිබිඳු මත මැවෙන
අරුණාලෝකය
නෙත නොගැටුනද
ප්‍රභාශ්වර නුඹ හා මුසුව
නිහඬ සොබාදහමේ
අකාළික හැඩතල
හැඳිනගනු රිසියෙන්
වෙර වඩමි සැබවින්ම
අරුත්බර නිශාවක....


නුඹ නමින් ගොඩ නැඟුණු
ජීවන රුවළ මත
සoවාදි මාරුතය ජවය කොට
තර්කයේ හබල්පත් අරා
විහිදුවමු අපි දෙනෙත්
ස්‌නේහය දෝතෙහි රුවා....


ඉදින් අපි ගලායමු
විළිකුණ්‌ව ගිලිහිලා වැටෙන තෙක්‌
ජයමඬුළු සිතුවමින්
විනිවිඳින ක්‍ෂිතිජය පුරා....