Pages

Powered by Blogger.

මගෙමත් නොවූ මගෙ හිතට ඇරයුමක්..

සෞම්‍ය තණපත් අඟින්
රූරා ගිලිහී දිලෙන
පිණිබිඳු මත මැවෙන
අරුණාලෝකය
නෙත නොගැටුනද
ප්‍රභාශ්වර නුඹ හා මුසුව
නිහඬ සොබාදහමේ
අකාළික හැඩතල
හැඳිනගනු රිසියෙන්
වෙර වඩමි සැබවින්ම
අරුත්බර නිශාවක....


නුඹ නමින් ගොඩ නැඟුණු
ජීවන රුවළ මත
සoවාදි මාරුතය ජවය කොට
තර්කයේ හබල්පත් අරා
විහිදුවමු අපි දෙනෙත්
ස්‌නේහය දෝතෙහි රුවා....


ඉදින් අපි ගලායමු
විළිකුණ්‌ව ගිලිහිලා වැටෙන තෙක්‌
ජයමඬුළු සිතුවමින්
විනිවිඳින ක්‍ෂිතිජය පුරා....

0 comments:

Post a Comment