Pages

Powered by Blogger.

සිහින අවකාශයේ පිරමීඩ..

රත් පැහැයෙන් සැඟව යන
සැඳෑ හිරුගේ
නිහඬ රුව බලා                                                                                      
හදවතින් සිනාසුන..
හුදෙකලා පෙම්වතුන්
පිරමීඩ පාමුල
ඇදවැටී  මිය ගිය ලොවක..
චන්ඩ රැස්‌ පිබිදුවා හිරු
උණු වුනා පාශාණ
ගලා විත් මඳින් මඳ
කැටිවුනා බිඳින් බිඳ..
තිබූ සමතල මුදුන් ඉම
උලක්‌ සේ නිමවුනා
ඔබට මට කිසිදිනෙක
පිරමීඩ අන්තයට
ලඟා විය නොහැකි ලෙස......

0 comments:

Post a Comment