සරණයට නොව තරණයට....
රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක
බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන
රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන
එමි යමි සසර තව බුදුබණ පතාගෙන
මඳමුදු සුළඟ සිහිලස සුව සුවඳගෙන
අරුණළු මිහිරි සුනිමල පිනි පහසලැබ
ලොව්තුරු නිමල මුණිරජ කුටි වෙහෙරවෙත
පියමැන හඟිමි දෙනයන දිටි සසරදුක
2 comments:
සුබ පැතුම් මල්ලියා.. දිගටම ලියන්න. ඔන්න මමත් පස්සෙන් එනවා.
මේකේ පලවෙනිම කොමෙන්ට් එක දැම්මේ අක්කා...ස්තූතියි අක්කේ..
Post a Comment