සියක් මoපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයි
අදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයි
පෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයි
තවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි
Email This
BlogThis!
Share to X
Share to Facebook
Labels:
ආදරය,
කාව්‍ය
1 comments:
සිත පෙලන දුක් දළු සිඳින්නට - සොඳුරු ඇය ඔබෙ අදම එයි
පිපුණු මංපෙත් කවුළු හැර දැන් - නුඹට ඇය හට අත වනයි
සියොත් නද පෙම් කවක් වී හෙට - නුඹේ මුවඟට තුටු ගෙනෙයි
සිනා පොපියන නෙතඟ හැර දා - කඳුළ දැන් ඉවතට ඇදෙයි
Post a Comment