Pages

Powered by Blogger.

මෙතුවක් නොදුටු අනාගත ඇය වෙත..

සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන
නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල
සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන
සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ


හද මල විමන සිරකර රැඳි සුසුම ළඟ
නිල් විල් සිහින පසුකර ඉමි සොඳුර මම
රුව ගුණ වරුණ සිහිකර නිති සුවඳ ඔබ
පර තෙර අහස විනිවිද එමි සසර ඉම

2 comments:

Sabith said...

ලාංකීය සිතුවිලි එකේ දැකලාඅ මේ පැත්තේ ආවෙ! හොඳ දෙවල් ලියන්න!ජය වෙවා!

රොෂාන් said...

දිරි ගැන්වීමට බොහෝමත්ම ස්තූතියි

Post a Comment