skip to main |
skip to sidebar
තරු පිරි අහසේ සඳ ඔබ කිව්වම
තරු හිනැහී ඔච්චම් කල තරහට
අරගෙන හෙමිහිට තරු එක එක මම
ඔය දිගු වරලෙහි ගැසු හැඩ....ලිව්වද
සේපාලිකා මල් අහුරක් අරගෙන
සඳවතුරින් පිණි සිහිල දොවාගෙන
පිණිබිඳු බේරෙන සුවඳැති පෙති මත
සැතපුනු තුරුලේ උණුසුම...... ලිව්වද
ඔය නිල් ඇස් දෙක වහලා අඳුරෙම
උඳුපියලිය කන හාවකු අරගෙන
හැඩ ඔබේ උකුළේ නිදිකර හෙමිහිට
ඇස් දෙක අරින්න කිව්වා.....ලිව්වද
5 comments:
ඔය කියපු සේරම ලිව්වද ? ලස්සන කවි සිතුවිල්ලක්.
ලස්සනයි!දිගටම ලියන්න....ඔබට ජය!
සඳ කෙමියෙන් මී බිඳු වැහෙනා විට
එහි රස විඳෙමි ඔබ හා සැනහී
තරු මල් ගෙනවිත් වරලේ ගැසු කල
අසිරිය වින්දෙමි සෙනෙහෙන් සැනහී
හිත තුල තෙරපෙන හැඟුමන් දහසක්
කෙටි කර ලිව්වෙමි කවියක ගලපා
ලිව්වද අසනා නුඹේ ආදර කව
රුහිරෙන් ලිව්වෙමි හදවත මත මා
අපූරුයි... මෙතුවක් මට මේ කවිපද මඟ හැරීමම පුදුමයි...
@මධුරංග... කාගෙන් කියලා අහන්න ද?
@Sabith... ස්තූතියි යාළුවා
@ප්රාර්ථනා අක්කා... අන්න එහෙම තමා ඉන්න ඕනි :D
@ප්රාර්ථනා..මට දැන් ඔක්කොටම වැඩිය පුදුමයි:)
Post a Comment